ආසාදිතයන් දිනෙන් දින ඉහළ යාම හා නව කොරෝනා ප්‍රභේද හඳුනා ගැනීම යන කරුණු සැලකිල්ලට ගෙන රට පූර්ණ වශයෙන් අගුළු දැමීමක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පවතින්නේදැයි යන්න පිළිඹදව හෙට දිනයේ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවට පුවතක් සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් විසින් වාර්තා කර තිබේ.
එම පුවතෙහි වැඩිදුරටත් සදහන් වන්නේ මෙතෙක් ඒ පිළිබඳව තීරණය කර නොමැති බවත් හෙට දිනයේ කොරෝනා මර්ධන ජාතික කාර්ය සාධක බලකාය රැස්වීමෙන් අනතුරුව තීන්දු කරනු ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තීරණයක් මෙතෙක් ගෙන නැති බවත් හෙට දිනයේ පැවැත්වෙන රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත්ය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සඳහන් කරන්නේ පවතින තත්ත්වය පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය විසින් අධ්‍යනය කරමින් සිටින බවත්, ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිර්දේශ කරනු ඇති බවත්ය.