රට පුරා ‘කුඩා ව්‍යාපාර බිහිදොර මධ්‍යස්ථාන’ 25ක්: පළමුවැන්න මීරිගමදී විවෘත වෙයි

ක්ෂුද්‍ර සහ සුළු පරිමාණ ව්‍යවසායකයින් වෙත නවීන තාක්ෂණික පහසුකම් සහ මඟපෙන්වීම් ලබාදීමේ අරමුණින්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන නව වැඩසටහන යටතේ ස්ථාපිත කළ ප්‍රථම ‘කුඩා ව්‍යාපාර බිහිදොර මධ්‍යස්ථානය’ (Mini Incubation Centre) පසුගිය බදාදා (04) මීරිගමදී නිල වශයෙන් විවෘත කෙරිණි.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි විදතා සම්පත් මධ්‍යස්ථානය තුළදී මෙම නව මධ්‍යස්ථානය විවෘත විය.
අමාත්‍යාංශය සඳහන් කරන්නේ, සීමිත සම්පත් මධ්‍යයේ සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යනු ලබන සුළු පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම උදෙසා නවීන තාක්ෂණික මෙවලම් සහ යටිතල පහසුකම් සලසා දීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කය බවයි.
රට පුරා මධ්‍යස්ථාන 25ක්; ව්‍යවසායකයින් 2,500කට සෙත
මෙම ජාතික වැඩසටහනේ පළමු අදියර යටතේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි, තෝරාගත් විදතා සම්පත් මධ්‍යස්ථාන 25ක මෙවැනි කුඩා ව්‍යාපාර බිහිදොර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
ව්‍යවසායකයින් 2,500කට අධික පිරිසකට සෘජුවම ප්රතිලාභ සැලසෙන මෙම ව්‍යාපෘතිය 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රජය රුපියල් මිලියන 100.9ක (රුපියල් කෝටි 10කට වැඩි) මූල්‍ය ප්රතිපාදනයක් වෙන් කර තිබේ.
මීරිගමදී විවෘත කරන ලද මෙම මධ්‍යස්ථානය හරහා විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ නියුතු සුළු පරිමාණ ව්‍යවසායකයින්ට සෞඛ්‍යාරක්ෂිතව ආහාර සැකසීම, නවීන ඇසුරුම්කරණය (Packaging) සහ ලේබල් කිරීම (Labelling) සඳහා අවශ්‍ය උසස් තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමට අවස්ථාව උදාවේ. දේශීය නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිතිය ඉහළ නංවමින් කුඩා ව්‍යාපාර සඳහා දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීමට මෙමඟින් මහඟු පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.




