රජයේ හා පුද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ගේ වැටුපෙන් කපාගැනීම සඳහා ලබාගෙන ඇති ණය වාරික අය කර ගැනීම මැයි මස 31 දා තෙක් අත්හිටුවා ඇති බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති , සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
සාමාන්‍යයෙන් මාර්තු මාසයේ 25 වැනිදා රාජ්‍ය සේවකයාගේ වැටුප් ගෙවන නමුත් ඇති වී තිබෙන අර්බුදය නිසා මාර්තු 23 වැනිදා වන විට වැටුප් ගෙවීමට රජය කටයුතු කළ නිසා මේ මාසේ වාරික බැංකු විසින් අඩු කර ගෙන තිබෙන බවත් ඉදිරි මාස දෙක එසේ කපා නොදැමෙන බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කීවේය.