මේ වන විට දකුණු අප්‍රිකාව, එංගලන්තය ඇතුළු රටවල් රැසක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස් ප්‍රභේදය සිය නිෂ්පාදනයක් වන “ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා” එන්නත මගින් මර්දනය කළ හැකි බවට එම ඖෂධ සමාගම ප්‍රකාශ කර තිබේ.
එහි ප්‍රධානී පැස්කල් සෝරියට් පෙන්වා දෙන්නේ සිය එන්නත මූලික පරීක්ෂණ වලදී 70%ක සඵලතාවයකින් යුක්තබව පෙන්නුම් කළත් තරගකාරි අනෙකුත් එන්නත්වලට සමාන සඵලතාවක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇති බවයි. එමෙන්ම සිය එන්නත දරුණු කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව 100% රැකවරණයක් ලබාදෙන බවද පැස්කල් සෝරියට් කියා සිටී.
කෙසේ වුවද ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩර්නා එන්නත් මූලික පරීක්ෂණ වලදී 95% කට ආසන්න සඵලතාවක් පෙන්නුම් කර තිබුණි.