යුරෝපයේ ව්‍යප්තවී ඇති කොරෝනා වෛරස් ප්‍රභේදය ඔක්ස්ෆර්ඩ් එන්නත මගින් මර්ධනය කෙරේ

මේ වන විට දකුණු අප්‍රිකාව, එංගලන්තය ඇතුළු රටවල් රැසක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස් ප්‍රභේදය සිය නිෂ්පාදනයක් වන “ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා” එන්නත මගින් මර්දනය කළ හැකි බවට එම ඖෂධ සමාගම ප්‍රකාශ කර තිබේ.

එහි ප්‍රධානී පැස්කල් සෝරියට් පෙන්වා දෙන්නේ සිය එන්නත මූලික පරීක්ෂණ වලදී 70%ක සඵලතාවයකින් යුක්තබව පෙන්නුම් කළත් තරගකාරි අනෙකුත් එන්නත්වලට සමාන සඵලතාවක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇති බවයි. එමෙන්ම සිය එන්නත දරුණු කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව 100% රැකවරණයක් ලබාදෙන බවද පැස්කල් සෝරියට් කියා සිටී.

කෙසේ වුවද ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩර්නා එන්නත් මූලික පරීක්ෂණ වලදී 95% කට ආසන්න සඵලතාවක් පෙන්නුම් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *