මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී ජනතාව මුහුණ දෙන ගැටලු සහ වාහන හේතුවෙන් සිදුවන අපහසුතා සම්බන්ධයෙන් ලිඛිත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව 074 245 3300 යන WhatsApp අංකය ඔස්සේ ජනතාවට සිය පැමිණිලි ලිඛිත පණිවුඩ ලෙස ඉදිරිපත් කළ හැකිය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් හඳුන්වා දී ඇති මෙම සේවාව මගින් ජනතාවට තම ගැටලු සෘජුව හා පහසුවෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමත්, එම පැමිණිලි සඳහා කඩිනම් ප්‍රතිචාර ලබාදීමත් අරමුණු කර තිබේ.
වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවන ප්‍රමාදයන්, අක්‍රමිකතා මෙන්ම වාහන භාවිතය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා හෝ මහජන පීඩාවන් සම්බන්ධයෙන්ද මෙම WhatsApp අංකය හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.


