අද දිනයේ කොරෝනා රෝගීන් 13ක්, මේ වන විට මුළු රෝගීන් ගණන 72ක් (UPDATE)

අද (20) සවස් කාලයේදී කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් හමුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා රෝගීන් 13 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා වෛරස් රෝගීන් ගණන 72ක් වන බවයි ඔහු සඳහන් කලේ.


මේ දක්වා තහවුරු වී ඇති මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70ක්

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව අද දිනයේ 70ක් දක්වා ඉහළ යනු ලැබුවා. ශ්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 6 දෙනෙක් අලුතින් හඳුනා ගැනීමත් සමඟ අද (20) උදෑසන 10 වන විට මෙරට මුළු කොරෝනා ආසාදිතයන් ගණන 65 දක්වා ඉහළ ගොස් තිබුණු අතර අද සවස වන විට එම ප්‍රමාණය 70 දක්වා වර්ධනය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *