ඊයේ (14) දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 07 ක් වාර්තා වීමත් සමඟම මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ මියගොස් ඇති කොවිඩ් ආසාදිතයින් හත් දෙනාම වයස අවුරුදු 50 ඉක්ම වූවන් වේ.
මේ අතර ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 801 ක් හඳුනා ගැනීමත් සමඟම සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 75,653 ක් දක්වා ඉහළ ගොස් තිබේ.