මෙරට කොරෝනා ආසාධිතයින් ගණන 171 දක්වා ඉහළට (UPDATE)

මීට සුළු වේලාවකට පෙර මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව 171ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.


මෙරට කොරෝනා ආසාධිතයින් ගණන 170 දක්වා ඉහළට (Apr 5, 2020 at 17:21)

මෙරට නව කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව 170ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. අද (05) දිනයේ මේ වන විට කොරෝනා ආසාධිත පුද්ගලයින් සිව්දෙනෙක් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ අවසන් වරට හඳුනාගත් රෝගීන් 08 දෙනාගෙන් තිදෙනෙකු හෝමාගම මුලික රෝහලෙන් හඳුනාගත් බවයි. එමෙන්ම කොලඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් දෙදෙනකුද , මීගමුව ප්‍රදේශයෙන් රෝගියෙකුද හමුවී තිබේ. පුත්තලම නිරෝධනය මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකුටද, එම පුද්ගලයා ළඟින් ඇසුරු කල මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *