පාරොභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද දින ප්‍රකාශ කල සිටියේ ආනයනික පොල් තෙල් වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම තහනම් කෙරෙන ගැසට් නිවේදනය මසකට අධික කාලයක් ප්‍රමාද වන බවය.
මාස එක හමාරක කාල සීමවක් තුලදී සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර අවසානයේ පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනය පල කරනු ඇතැයි ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පොල් තෙල් වල ඇෆලටොක්සීන් අගය 10 ඉක්මවා ගොස් ඇත්නම් කෑමට කිසිසේත් නුසුදුසු බව පොල් පර්යේෂණ ආයතනයේ පොල් සැකසුම් පර්යේෂණ අංශයේ අංශාධිපති ආචාර්ය චන්දි යාලේගම මහත්මිය පැවසුවාය.