පෙරේදා (25) දිනයේදී මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසල දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී, ඝාතනය කර එලෙස ඝාතනය කළ පුද්ගලගලයාගේ අතක් වෙන් වනසේ කපා ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ ඔවුන් විසින්ම මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්වීමෙන් අනතුරුවයි.
සැකකරුවන් ඝාතනය සිදු කිරීම සඳහා පැමිණි යතුරුපැදි 2ක්, ඝාතනය සඳහා උපයෝගී කරගත් උල් පිහි 02ක්, කඩුවක් සහ මන්නා පිහියක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ත් 32ත් අතර වයස්වල පසුවන මීටියාගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, සැකකරුවන් අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.