මිලියන 43ක මුඳල් වංචාවේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවේ

රුපියල් මිලියන 43ක ව්‍යාජ චෙක් පත් ඉදිරිපත් කර ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනය කරන ආයතනයක නමින් පවත්වාගෙන යන ගිණුමකින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊයේ දිනයේ එම සිද්ධියට අදාළ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ඇඹිලිපිටිය ප්‍රදේශයේ 49 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පසුගිය අප්‍රේල් 12 වනදා එම වංචාව සිදුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *