මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ තවත් 61 දෙනෙකු කොවිඞ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඒ අනුව එම පොකුරේ මුලු ආසාධිතයන් සංඛ්‍යාව 2077 දක්වා ඉහළ යනු ඇති. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතුරින් 13 දෙනෙකු කාර්යය මණ්ඩල සාමාජිකයන් වන බවත්, ඉතිරි 26 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවත්ය.
කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මෙම කොවිඩ් පොකුරේ ආසාදිතයන් අතුරින් පුද්ගලයින් 1041 දෙනෙකු ගැලුම් කම්හලේ සේවකයින් වන අතර අනෙක් 1036 දෙනා එම කම්හලේ සේවකයින් ඇසුරු කළ ආශ්‍රිතයන් බවයි.