LK reports news sinhala

මැතිවරණ කොමිසම හා සෞඛ්‍ය බලධාරින් අද විශේෂ සාකච්ඡාවක

මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම හා සෞඛ්‍ය බලධාරින් අතර විශේෂ හමුවක් අද (20) පැවැත්වෙයි. ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධාවත්වයෙන් අද පස්වරු 1.00ට රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බවට වාර්තා වේ.

ඉදිරි මහා මැතිවරණය පැවැත්වීම සහ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්වය පිලිබදවත්, මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත තත්වයක් රට තුළ පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ කරුණු විමසා බැලීම පිළිඹදවත් මෙහිදී වැඩි අවධානයක් යොමු වනු ඇති බවට වාර්තා වේ.

පාර්ලිමේන්තු මහා මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබු අතර කොවිඩ්-19 වෛරස අවධානම හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිසම විසින් පියවර ගනු ලැබුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *