ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ මෙරට සියළුම රෝහල්, සතොස ඇතුලූ රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය මාළු සැපයීමට ලංකා ධීවර සංස්ථාවට පොලිසිය විසින් අවසර ලබා දී තිබෙනවා.
අදාළ ප්‍රවාහන කටයුතු සිදු කරන සේවකයින් ලංකා ධීවර සංස්ථාවට මසුන් සපයන ධීවරයින් සහ සැපයුම් කරන ලොරි රථ සඳහා ධීවර සංස්ථාවේ ලිපි ශීර්ෂයන් යටතේ ලිපියක් මගින් අවසරපතක් නිකුත් කර තිබෙනවා. එම අවසරපත ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ පමණක් ඇඳිරි නීති අවසරපතක් ලෙස භාවිත කළ හැකි බවයි පොලිසිය පැවසුවේ.