කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 03 වැනිදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ. මේ කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැළකේ. මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමයි. එහෙත් ජනතාව එක්රැස්වීම වළක්වා ස්වයං නිරෝධායනයට ඉඩ සැලසීම මෙහි අරමුණයි.
මාර්තු 20 සිට 27 දක්වා කාලය ද නිවසේ සිට වැඩකරන සතියක් ලෙස නම් කෙරිණ. එම ක්‍රියාදාමය අදාළ කාල සීමාව තුළද ඉදිරියට ගෙන යා යුතු බව රජය දන්වා සිටී.