දෛනිකව සිදු වන මාරක රිය අනතුරු ප්‍රමාණය සැලකිල්ලට ගෙන මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් සම්බන්ධයෙන් අයහපත් ලකුණු හෙවත් අකුලසතා ලකුණු ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ. ඒ, ය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටින්නේ ඊයේ (18) දිනයේදී පමණක් මාරක රිය අනතුරු හේතුවෙන් මරණ 15 ක් වාර්තා වී ඇති බවයි. එම මරණ 15න් 8ක්ම ඊයේ දිනයේ සිදුවූ අනතුරු වලින් සිදුවූ මරණ බවත්, සෙසු පුද්ගලයින් 7 දෙනා පෙර දින කිහිපය තුළ සිදුවූ අනතුරු වලින් මිය ගිය බවත් අජිත් රෝහණ මහතා පවසා සිටියි. මෙම මරණ 15 මෑත කාලීනව රිය අනතුරු නිසා දිනකදී සිදුවූ වැඩිම මරණ ප්‍රමාණය බවටයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ.