හමුදා නිලධාරීන් 28 ක් ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකරන ලෙස ඉල්ලමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සැකසූ වාර්තාව අද (24) මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ඊයේ දිනයේදී මානව හිමිකම් සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, මෙම වාර්තාව ශ්‍රී ලංකාව ප්රතික්ෂ්ර්ප කරන බවත්, මෙම වාර්තාවේ අඩංගු කරුණු පදනම් විරහිත සාවද්‍ය තොරතුරු බවත්ය.
එමෙන්ම මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ කරුණු 2 ක් පමණක් මානව හිමිකම්වලට සම්බන්ධ බවත් ඉතිරි සියලූ කරුණු දේශපාලන කරුණු බවත් රජය ඇය වෙත චෝදනා එල්ල කර තිබේ.