ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කර තිබේ.
ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් භාර දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අධිකරණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් අතරින් මෙම පත්වීම් සිදුකර ඇති බවයි.
ඒ අනුව, යාපනය දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කළ පෙරුමාල් සිවකුමාර් මහතා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කළ අනන්දි කනගරත්නම් මහත්මිය සහ කොළඹ දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කළ ඥානේෂ ලලිත් කන්නංගර මහතා නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් පත්වීම් ලිපි ඔවුන් තිදෙනා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයකදී භාර දෙන ලදී.
මෙම පත්වීම් සමඟ අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනා නව මහාධිකරණ විනිසුරු ධුරවල රාජකාරි භාර ගැනීමට නියමිතය.


