සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ තිබේ. විෂය භාර අමාත්‍යවරිය වන පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය යළි සේවයට වාර්තා කරන තෙක් මෙම ධූරය ඒ මහතා වෙත පවරා තිබේ. ඒ අනුව අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ චන්න ජයසුමන මහතා දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටින්නේ. චන්න ජයසුමන ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ද වනවා.
මින් පෙර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවනු ලැබූ රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පලාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර තිබෙනවා. රොෂාන් රණසිංහ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම්දී තිබේ.