අධික වැසි අවස්ථාවක පළා නෙලීමට ගිය මවක් සහ දරු දෙදෙනකු ඔයක ජල පහරකට හසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
කටාන, හල්පේ, අම්බලයාය ප්‍රදේශයේ මවක් සහ දරුවන් දෙදෙනෙකු ඊයේ අධික වැසි ඇදහැලෙන අවස්ථාවක මුකුණුවැන්න නෙලීම සඳහා මා ඔය අසලට ගොස් තිබුණි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 41 හැවිරිදි කාන්තාවක්, ඇයගේ 9 හැවිරිදි දියණිය සහ 8 හැවිරිදි ඥාති පුත්‍රයෙකි.
ඔවුන්ගේ මෘත දේහ සොයාගැනුණේ අත්හැර දමා තිබූ මැටි වළක තිබියදීය.
ගම්වාසීන් පවසන්නේ වර්ෂාවත් සමග මා ඔයේ ජල මට්ටම වැඩි වූ අවස්ථාවේ ඔවුන් තිදෙනා ගලා යන ජල පහරට හසුවූ බවය.
මිය ගිය තිදෙනාගේ මෘත ශරීර මේ වනවිට මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.