මුදල් කාරක සභාවේ සේවය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී්රවරුන් වන කුමාර වෙල්ගම සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්රකාශ කර සිටියේය.
මන්ත්රීවරුන් දෙදෙනා පත් කරනු ලැබුවේ එම කාරක සභාවේ සිටි චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ යන මන්තී්රවරුන් ඉවත්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා බවත් කථානායකවරයා සඳහන් කළේය.