තමන් පසුගියදා සිදු කළ ප්‍රකාශයක් ඇතැම් පුද්ගලයින් විකෘති කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
ඔහු වැඩි දුරටත් මෙසේ පවසා සිටියි.
“අසාදිතයින් සමඟ සෘජු සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින්. 40,000ක් පමණ සිටින බව මාර්තු 24 අගමැති සමඟ පැවති පක්ෂ නායක හමුවේදී හමුදාපතිවරයා මේ පිළිබඳව සඳහන් කළා. නමුත් දැන් ප්‍රචාරය කරන්නේ මනෝ ගනේෂන් 40,000ක් ආසාදිතයින් ඉන්නවා කිව්වා කියලායි”