මගීන්ගේ පහසුවට තවත් දුම්රිය කිහිපයක් ධාවනයට එක් කෙරේ

මගීන්ගේ ඉල්ලීම අනුවත්, ඇතැම් දුම්රිය ස්ථානවල ඊයේ (26) ඇති වූ තත්ත්වයත් සැලකිල්ලට ගෙන අද (27) දිනයේ සිට තවත් දුම්රිය කිහිපයක් වැඩිපුර ධාවනයට යොදවන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ලබන මාසයේ සිට කාලසටහන් අනුව සියලූ දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත්, දුම්රිය ආසන ඔන්ලයින් ක‍්‍රමයට වෙන්කර ගැනීමේ පහසුකම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත්ය.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. එච්. පණ්ඩුක මහතා පවසන්නේ ඊයේ දිනයට වඩා වැඩි බස් ප‍්‍රමාණයක් අද ධාවනයට යොදවන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *