භෝග ආරක්ෂණය සඳහා වූ ගිනි අවි බලපත්‍ර සඳහා නව සංශෝධන රැසක්.

භෝග ආරක්ෂණ කටයුතු සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම සඳහා කෘෂිකාර්මික ඉඩම් අක්කර පහක් (05) දක්වා සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා.

ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයකට අනුව රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේ භෝග ආරක්ෂණ කටයුතු සඳහා ගිනි අවි භාවිත කිරීමට හැකි වන පරිදි පවතින නීති සංශෝධනය කර ඇති බවයි.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විවිධ වන සතුන් හේතුවෙන් වසරක් ඇතුළත විශාල වශයෙන් වගාවන් විනාශ වන බැවින් කාලීන අවශ්‍යතාවයක් ලෙස මෙම කාලෝචිත තීරණය ගත් බවයි.

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේ රට තුළ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, කෘෂිකාර්මික ආර්ථිකය ශක්තිමත් කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතභාවය සඳහා රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

පරිභෝජනයට අවශ්‍ය ද්‍රව්‍ය රට තුළම නිෂ්පාදනය කිරීමටත් කෘෂිකර්මාන්තය දියුණු කිරීමටත් ගොවීන් සවිබල ගැන්වීමට අපි වෙහෙස නොබලා කටයුතු කරනවා.

භෝග ආරක්ෂණ කටයුතු සඳහා ගිනි අවි භාවිතය පිළිබඳ වැඩි විස්තර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *