බූස්ස බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් යළිත් ආහාර වර්ජනයක

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින රැඳවියන් 45 දෙනකුගෙන් 36 දෙනකු ඊයේ (10) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ අතර කංජිපානී ඉම්රාන්, පොඩි ලැසී, වෙලේසුදා ඇතුළු විශේෂ ගණයේ සිරකරුවන්ද ඒ අතර වේ.

මෙම වර්ජනයට හේතු වී ඇත්තේ කොරෝනා සමයේ ඥාතීන් හමුවීමට නොහැකිවීම හේතුවෙන් ලබාදුන් දුරකථන පහසුකම ඉවත් කිරීම, රැඳවුවන් හමුවට එන නීතිඥවරුන් පරීක්ෂා කිරීම, විශේෂ කාර්යය බළකාය විසින් සිදුකරන පරීක්ෂාවන්, ආපන ශාලාවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට දෙන මාසික දීමනාව ප්‍රමාණවත් නොවීම ඇතුළු කරුණු ගණනාවකට විරෝධය පළ කරමින්.

තවද ඔවුන්ගේ දරුවන්ට බන්ධනාගාරයේදී ඔවුන්ව හමුවීමට ඉඩ ලබා දීම, තම නීතිඥයින් හමුවීමට ලබා දෙන විනාඩි 30 කාලය පැයක් දක්වා දීර්ඝ කිරිම වැනි ඉල්ලීම්ද ඒ අතර වේ.

කෙසේ වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ මෙම සිරකරුවන්ගේ දරුවන් හමුවීමේ අවස්ථාව කොරෝනා මර්දන වැඩපිළිවෙළ යටතේ තාවකාලිකව නවතා තිබූ බැවින් එම ඉල්ලීම හැර අනෙක් ඉල්ලීම් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කිසිසේත් ඉටු කළ නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *