බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ, නලින් බණ්ඩාරට එරෙහිව CIDයට යයි

පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් හා රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අතර හමුවක් මැලේසියානු ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේදී සිදුවූ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලීන් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත. ඒ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් කළ පැමිණිල්ලකට අනුවයි.

මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය පැමිණිල්ල මගින් කියා ඇත්තේ මන්තී‍්‍රවරයා සිදු කළ මෙම ප‍්‍රකාශය පදනම් විරහිත බවත් එම ප‍්‍රකාශය තුළින් තමාගේ මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්‍ෂාවට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවත්ය.

පසුගිය 17 වැනිදා පැවති අදාළ මාධ්‍ය හමුවේදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ යුද පුහුණුවක් සඳහා විදේශගතව සිටියදී එය නිමා වීමට පෙර වත්මන් රජය මෙරට බුද්ධි අංශයේ ප‍්‍රධාන තනතුරක් ලබා දුන් බවත් සුරේෂ් සලේ මැලේසියාවේදී සහරාන් හමුවීම සම්බන්ධයෙන් පාස්කු ප‍්‍රහාරය පිළිබඳ පැවැති ජනාධිපති කොමිෂන් වාර්තාවේ කිසිවක් සඳහන් නොවන බවත්ය. මේ සම්බන්ධයෙන් පාස්කු කොමිසම ප‍්‍රකාශ සටහන් කිරීමක් සිදු කර නොමැති බවද නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේදී පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *