බස් රථ ප්‍රවේශපත්‍ර වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හෙවත් ඊ ටිකෙටින් සංකල්පය හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පවසා සිටින්නේ ඒ සඳහා යොදා ගැනෙන මෘදුකාංගයේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින බවයි.
එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව අදාළ කාඩ් පතට රීලෝඩ් මගින් මුදල් බැර කර පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා ගෙවීම් සිදු කිරීමට හැකි වන බවයි නිලාන් මිරැන්ඩා මහතා පවසා සිටින්නේ.