බස් රථයක ගමන් ගන්නා මගීන් ගණන සීමා කර, පාඩු පිට ධාවනය කරන්න බෑ – ගැමුණු විජේරත්න

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව ආරක්ෂිත ක්‍රියාමාර්ග මත බස් රථයක ගමන් කරන මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් ධාවනය වන කිලෝමීටරයකට රජය විසින් යම් මුදලක් ගෙවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

එමෙන්ම අවදානම් කලාපවලින් බැහැර ප්‍රදේශ වල ධාවනය වන බස් රථ වල මගීන් සංඛ්‍යාව කිසිසේත්ම 25 කට සීමා කළ නොහැකි බවටත්, ආසන සංඛ්‍යාවට මගීන් ප්‍රවාහනය කිරීමට ඉඩ ලබා දිය යුතු බවත්, එසේ නොමැති නම් පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන බවද සභාපතිවරයා කියා සිටියේය. තමා මේ බව ජනාධිපති ලේක්ම්වරයාට ද දැනුම් දුන්නේ යැයිද හෙතෙම කීවේය. ඔහු වැඩි දුරටත් පවසන්නේ පාඩු පිට කිසිසේත්ම බස් රථ ධාවනය නොකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *