බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ (28) උදෑසන 7 සිට පස්වරු 5 දක්වා කාලය තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,120 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අධිකරණය මඟ හරිමින් සිටි වරෙන්තුකරුවන් 418ක්, අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 47ක්, සහ දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 549 දෙනෙකු වන බව සඳහන් වේ. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව මෙම මෙහෙයුම සිදුකර තිබේ.