මාස තුනකට අධික කාලයකින් පසු බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් අද සිට යළි පාසැල් විවෘත කෙරේ. ඒ අනුව බස්නාහිර පළාතේ පාසැල් 907 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 73,319 ක් අද (25) සිට යළි පාසැල් වල අධ්‍යාපන කටයුතු සදහා සහභාගී වනු ඇත.
කොරෝනා දෙවන රැල්ලේ ආරම්භ වීමත් සමගම සමග සියලු පාසැල් පසුගිය ඔක්තෝම්බර් 05 වනදා සිට වසා දැමීමට තීරණය කෙරුණා. ඉන් අනතුරුව ඉකුත් 11 වනදා යළි ෙපාසැල් විවෘත කිරීමට අවසර හිමිවුවද, පවතින තත්වය සැලකිල්ලට ගෙන බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීමට අවසර හිමිවූයේ නැහැ.
අද දිනයේ ද, බස්නාහිර පළාතේ පාසැල් විවෘත වන්නේ මාර්තු මාසයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් සදහා පමණක් වන අතර, බස්නාහිර පළාතේ හුදෙකලා කළ පොලිස් බලප්‍රදේශවල පාසැල්ද අද විවෘත වීමක් සිදු නොවේ.