බස්නාහිර පළාතේ රෝහල් වල තැනින් තැන දාමා ඇති රෝගී මළසිරුරු පිළිබඳ ප්‍රචාර අසත්‍ය බවට පොලීසිය පවසයි

කොවිඩ් ආසාදනයවී මියගිය පුද්ගලයින්ගේ දේහ බස්නාහිර පළාතේ රෝහල් කිහිපයක වාට්ටුවල තැනින්තැන දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පොලීසිය පවසයි.

පොලිස්  මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අදාළ වාර්තා සම්බන්ධයෙන් සොයාබැලීමට පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

එම විමර්ශන කටයුතු වෙනුවෙන් බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකු අනුයුක්ත කිරීමට ද පියවර ගෙන තිබුණි.

රෝහල්වල පවතින පොලිස් මුරපොළවල්වල කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *