ශ්‍රී ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය ලෙස පේරාදෙණිය යළිත් පෙරමුණට

2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය යළිත් සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ.

“පාලනය, ඩිජිටල්කරණය සහ ඒකාබද්ධ කාර්යසාධනය ඔස්සේ තිරසර විශ්වවිද්‍යාල පරිශ්‍ර ඉදිරියට ගෙන යාම” යන තේමාව යටතේ නිකුත් කළ මෙවර ශ්‍රේණිගත කිරීමේදී රටවල් 110ක විශ්වවිද්‍යාල 2,016ක් අතරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලෝක ශ්‍රේණිගත කිරීමේ 200 වැනි ස්ථානය හිමිව තිබේ.

එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලකුණු 8,262.5ක් ලබාගෙන ඇත.

පරිසර හිතකාමී සහ තිරසර විශ්වවිද්‍යාල පරිශ්‍රයක් පවත්වාගෙන යාම, තිරසර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ පරිසර වගකීම් සහිත භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය අඛණ්ඩව ලබා ඇති ප්‍රගතිය මෙම ශ්‍රේණිගත කිරීමෙන් පිළිබිඹු වේ.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර දෙවැනි ස්ථානය කැලණිය විශ්වවිද්‍යාලයටත්, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයටත් හිමිව තිබේ.

UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම මගින් විශ්වවිද්‍යාලවල තිරසරභාවය සහ පාරිසරික කාර්යසාධනය සම්බන්ධ ප්‍රධාන දර්ශක කිහිපයක් මත විශ්වවිද්‍යාල ඇගයීමට ලක් කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *