බස්නාහිර පළාතේ සියලු පාසල් අද (29) ආරම්භ කෙරෙන අතර, එහිදී පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව දෙකට බෙදා සෞඛ්‍ය ආරක්ෂිතව ගෙන්වා ගැනීමට විදුහල්පතිවරුන්ට අවසර ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියි.
බස්නාහිර පළාතේ බොහෝ පාසල්වල එක් පන්තියක සිසුන් 40ක් පමණ සිටින බැවින් එම සංඛ්‍යාව දෙකට බෙදා සතියක් හැර සතියක් අධ්‍යයන කටයුතු සිදුකරගෙන යෑමට විදුහල්පතිවරුන්ට ඇති හැකියාව මත සිදුකරන ලෙසයි ලේකම්වරයා උපදෙස් ලබාදී ඇත්තේ.
එමෙන්ම කොරෝනා අවදානම ගැන නිරන්තර සැලකිල්ලෙන් සිටින ලෙසත් හැකි උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කර සිසුන් පාසල්වලට ගෙන්වා ගන්නා ලෙස චක‍්‍රලේඛයක් මගින් පළාත්, කලාප අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු බලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උපදෙස් දී තිබෙන බවත් ලේකම්වරයා පවසා සිටියි.
අදාළ කාලසීමාව තුළ යම් ප‍්‍රදේශයක් හුදෙකලා කළහොත් එම ප‍්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බවද එම චක‍්‍රලේඛයේ සඳහන් කර ඇතැයි හෙතෙම කීය.