හෙට (28) දිනයේ සිට බස්නාහිරින් පිටතට ගමන් ගන්නා සියලුම පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි.
ඒ අනුව ලබන 28 වැනිදා සිට 31 වැනිදා දක්වා මෙම පරීක්ෂාව සිදුකිරීමට නියමිතව ඇති අතර, ස්ථාන 11කදී එම පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි.