බදියුදීන් නිරෝධායනයට යොමු කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් නිරෝධයනය සඳහා මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයට ඊයේ රාත‍්‍රියේම යොමු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි. ඒ මහතා පවසා සිටින්නේ බන්ධනාගාර ගත වන සියලූ‍ රැඳවියන් දින 14 ක් නිරෝධනයට ලක් කෙරෙන බවයි.

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් රඳවා තැබිය යුත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ වුවත් කොළඹ බන්ධනාගාර වල රඳවා තැබෙන රැඳවියන් දින 14 ක නිරෝධායන කාල සීමාවක් සදහා යොමු කරනු ලබන්නේ මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයටයි. ඒ අනුව අමාත්‍ය රිශාඞ් බදියුදීන්ද මෙලෙස මාරුකර යවා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ එම බන්ධනාගාරයේ වෙනම සිර මැදිරියක විශේෂ ආරක්ෂාවක් යටතේ හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් රඳවා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *