මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (15) පස්වරුවේ ගම්පහ, මිරිස්වත්තේ පුද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් බිය ගන්වා රුපියල් කෝටි 04ක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
රුපියල් 950,000ක මුදල් හා රුපියල් 390,000,00ක් වටිනාකමකින් යුත් රණ් භාණ්ඩ මෙලෙස කොල්ලකා ඇති අතර, එම සිද්ධියේ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05ක් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.