පොලිස් නිලධාරීන් 518ක් යොදාගෙන සිදු කළ මෙහෙයුමක්

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මුවදොර උයන නිවාස සංකීර්ණය ආශ්‍රිතව ඊයේ (14) රාත්‍රියේ සිදුකළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 63දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් 518 දෙනෙකු මෙම මෙහෙයුමට යොදාගෙන ඇති අතර පරීක්‍ෂා කර ඇති නිවාස සංඛ්‍යාව 870 ක්.

මෙම මෙහෙයුමේදී හෙරොයින් ග‍්‍රෑම් 39 ක්, ගංජා ග‍්‍රෑම් 85 ක් හා මත්පෙති 07 ක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු කාන්තාවක් හා ඇය සතුව තිබූ මුදලින් රුපියල් හාරලක්ෂ විසිදහසක් හා ජංගම දුරකථන 06ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *