මේ වන විට පොල්වලට තිබෙන ඉල්ලුම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් ලබන සතියේ සිට මෙරට පොල් ගස් කැපීම තහනම් කරමින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සූදානම් වන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා ඊයේ පවසා ඇත.
විශේෂ අවශ්‍යතාවක් මත අවසර ගැනීමකින් පසු පොල් ගස් කැපීම කළ හැකි බවත් ඊට අදාළ ක්‍රමවේදය මේ වන විට නිකුත් කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.