පෙට්‍රල් නැව් පහක් ගන්න ප්‍රසම්පාදනය දෙයි

පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් ප්‍රසම්පාදනය සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත 2026 – 03 -15 සිට 2026-09-14 කාලයේ පෙට්‍රල් 92 Unl බැරල් 300,000 ± 5%ක් බැගින් වූ නැව් තොග 05ක් ප්‍රසපාදනය සඳහා එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා සැපයුම්කරුවන් 06 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය මත පදනම්ව, එම කොන්ත්‍රාත්තුව  අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s. Epdesa Pte. Ltd. වෙත පිරිනැමීම පිණිස බල ශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *