පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අනුමැතිය සහ කථානායකවරයාගේ අත්සනින් පසු නොවැම්බර් 1 වැනිදා සිට අලුතින් ගැසට් කරන ලද පුද්ගලික ආදායම් බද්ද ක්‍රියාත්මක කෙරේ.
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව කියා සිටියේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මීට පෙර දේශීය ආදායම් පනත සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා.
ඒ අනුව, දළ මාසික ආදායම රු. 100,000 හෝ ඊට වැඩි, ආදායම් බදු ගෙවීමට බැඳී ඇත. ඉහළම ආන්තික පුද්ගලික ආදායම් බදු අනුපාතය 36% ලෙස ගැසට් කර ඇත.