මුහුණු පොත හරහා සංවිධානය කොට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පැවැත්වූ ෆේස් බුක් සාදයක් ඊයේ පොලිසිය විසින් වටලා තිබේ. එහිදි තරුණ තරුණියන් 34 දෙනකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම සිදුකර ඇත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ හා කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. එහිදී අත්අඩංගුවට පත්වූවන් 16 දෙනෙකු සතුව තිබූ ගංජා පැකට් 5ක්, අයිස් මත්ද්‍රව්‍ය පැකට් 12, මත් මුද්දර හා විෂ මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.
අනතුරුව මෙම පිරිසි මත්ද්‍රව්‍ය පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බව පොලිසිය පවසයි.
මුහුණු පොත හරහා සංවිධානය කර තිබූ මෙම සාදයට සහභාගී වූවන් අතර කාන්තාවන් 09 දෙනකු සිටි බවත්, ලැගුම්හලෙහි හිමිකාරියද ඒ අතර වන බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.