පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීමට සයදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.
මෙම කමිටුවේ සභාපති ධූරයට ඇමැති චමල් රාජපක්ෂ මහතා නම් කර ඇති අතර එහි සෙසු සාමජිකයින් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරුන්ය.
ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත්කර ඇත්තේ අදාළ වාර්තාවල ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමටයි. කමිටුවේ කාර්යයන් සඳහා පහසුකම් සැලසීම ඇතුළු සෙසු කටයුතු මෙහෙයවීම සඳහා කමිටුවේ ලේකම් ධුරයට ජනාධිපති කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීර මහතා පත්කර තිබේ. මෙම කමිටු වාර්තාව 2021 මාර්තු 15 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ද උපදෙස් දී තිබේ.