පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ඇතුළු යහපාලන රජයේ ප්රධානින් රැසකට එරෙහිව අපරාධ චෝදනා යටතේ නීතිය ක්රියාත්මක කරන ලෙසට ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ෂණය කිරීම සඳහා පත්කළ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාව සිය අවසන් වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවට වාර්තා පලවේ.
හිටපු ජනාධිපති සහ අගමැතිවරයාට අමතරව ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ ජාතික බුද්ධි ඒකකයේ ප්රධානි සිසිර මෙන්ඩිස්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙසට නිර්දේශ ඉදිරිපත් කොට ඇත.
කල් තියා අනතුරු අඟවා තිබියදී පාස්කු ඉරුදින ප්රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරින්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙසට මෙහිදී ජනාධිපති විමර්ෂණ කොමිසම සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කොට ඇති බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
මේ අතර පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිෂන් සභාව විසින් ඉකුත් සඳුදා ජනාධිපතිවරයා වෙත ලබා දුන් වාර්තාවේ පිටපතක් තමන්ට ලබා දෙන ලෙසට අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.