2021 පෙබරවාරි මස 19 වන දින ජනාධිපතිවරයා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ අධ්‍යයනය කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් අවසන් අනුකමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී ඇත.
කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එම වාර්තාව භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එම කමිටු වාර්තාව මාර්තු මස 15 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වැඩිදුර විමර්ශනය සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා අතර,
සෙසු සාමාජිකයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන සහ කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර යන මහත්වරු වාර්තාව භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.