පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපති වෙත

වසර එකහමාරක පමණ කාලයක් සාක්ෂිකරුවන් 457 දෙනෙකුගෙන් සාක්ෂි විමසනු ලැබූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතයි.

2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන සඳහා පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරුණේ 2019 වසරේ සැප්තැම්බර් 20 වැනිදායි. එම කොමිසමේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාත්, සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරියක වන මංගලිකා අධිකාරී යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ලැබීය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය 1,588 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර, එලෙස ප්‍රකාශ බා දුන් අය අතර එවකට ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද වේ.

කොමිසමේ පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 වනදාත් දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු 02 වනදාත් හිටපු ජනාධිපතිවරයාට සහ වත්මන් ජනාධිපතිවරයාට භාර දී ඇත. එහි අවසන් වාර්තාව පිටු ලක්ෂයකින් සමන්විත වන අතර ඒ සදහා මුද්‍රණ වියදම මිලියන 10ක් වන බවටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *