පාසල් ගුරුවරුන් බඳවා ගැනීමේ විභාග පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරයි.

රජයේ සහ පළාත් පාසල් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අදාළ තරඟ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම විභාග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට තරඟ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ අ.පො.ස උසස් පෙළ පන්තිවල පවතින ගුරු හිඟය සහ ඉන් අනතුරුව රජයේ පාසල්වල පවතින අනෙකුත් පුරප්පාඩු පිරවීම සඳහා මූලික වශයෙන් මෙම පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *