කොළඹ නගරය ආශ්‍රිතව පවතින වාහන තදබදය අවම කර ගැනීමට පිළියමක් ලෙස ආරම්භ කිරීමට සැලසුම් කරන ලද පාක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව (PARK AND RIDE CITY BUS) අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන අතර වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිර හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කෙරේ.
කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට පෙරවරු 6.00 ට ආරම්භ කෙරෙන මේ බස් රථ සේවාව මගින් දිනකට බස් රථ 64ක් ක්‍රියාත්මක කිරිමට නියමිතය.
කාර්, මෝටර් බයිසිකලයෙන් ඇතුළු විවිධ ප්‍රවාහනයන් මඟින් ගමන් ගන්නා මගීන් සුව පහසු ආරක්ෂිත මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත පොදු ප්‍රවාහන බස් රථ සේවාවක් හදුන්වාදීම මෙහිදි සිදු කෙරෙන අතර කොළඹ හා තදාසන්න නගර කරා කාර්යාලීය වේලාවන් තුළ දී ගමන් කෙරේ.
සුරක්ෂිත වාහන නවතා තැබීමේ පහසුකම් සහිත අංගන ස්ථාපිත කැර ඇති අතර මෙහිදි සුභෝපබෝගී බස් රථ පමණක් ධාවනය කිරීම, ආසන ගණනට පමණක් මගීන් ගෙන යෑම සිදු කෙරේ.