අද (30) පස්වරුවේ පස්සර සිට බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක් පස්සර, කිරි මණ්ඩලය අසල දී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අඩි 100ක් පමණ ප්රපාතයකට වැටී තිබේ.
අනතුරින් එම ලොරි රථය පැදවූ රියදුරා සහ සහායකයා බරපතළ තුවාල ලබා තිබූ අතර ඔවුන් දෙදෙනා බදුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.
පොලීසිය පවසන්නේ ඔවුන් දෙදෙනාම අධික ලෙස බීමත්ව සිටි බව විමර්ශනවල දී අනාවරණය වූ බවයි. පස්සර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඡායාරූප Accident 1st වෙතින්…