කොරෝනා වෛරසය ආසාදනය වී සිටින පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා තිබේ.
පසුගියදා කොවිඩ් ආසාධානය වී ඇති බවට තහවුරු වීමත් සමගම ඇය කොග්ගල ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු අතර, ඊයේ දහවල් ඇය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල වෙත ඇතුළත් කර කෙරුණා.
ඉන් අනතුරුව අමාත්‍යවරිය ඊයේ (28) පස්වරුව වන විට අයි.ඩී.එච්. රෝහල වෙත ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ස්වාමි පුරුෂයා වන කාංචන ජයරත්න මහතාද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.